Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

t20-world-cup-trophy-icc

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අපරාජිතව පළමු කණ්ඩායමේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟය ලකුණු 26 කින් ජය ගැනීමත් සමඟයි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම මේ වනවිට ශුද්ධ ලකුණු වේගය +3.183 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 8 ක් ලබාගෙන තිබෙනවා. ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශූද්ධ ලකුණු වේගය -1.609 ක රඳවා ගනිමින් කිසිඳු ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට සමත්වී නැහැ.

ශ්‍රී ලංකාව එම කණ්ඩායමේ තවමත් 4වන ස්ථානයේ රැඳී සිටිනවා. ඒ ශුද්ධ ලකුණු වේගය – 0.590 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් සමඟයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තවත් එක් අවස්ථාවක් ඉතිරිව පවතිනවා.

ඒ අනුව පළමු කණ්ඩායම නියෝජනය කරන කණ්ඩායම්වල ප්‍රතිථලය මත ශ්‍රී ලංකාවට ශුද්ධ ලකුණු වේගය මත අවසන් පූර්ව වටයට පිවිසිය හැකියි. ඒ සඳහා ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයේ සහභාගී වන අවසන් තරඟය වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟය අනිවාර්යෙන්ම ජයගත යුතු වනවා.

මීට අමතරව අනෙකුත් ප්‍රතිථල පහත පරිදි විය යුතුයි.

⭕ බංග්ලාදේශය දකුණු අප්‍රිකාව පරාජය කළ යුතුයි.

⭕ බංග්ලාදේශය ඔස්ට්‍රේලියාව පරාජය කළ යුතුයි. ⭕ බටහිර ඉන්දීය කොදෙව්වන් ඔස්ට්‍රේලියාව පරාජය කළ යුතුයි.

⭕ එංගලන්තය දකුණු අප්‍රිකාව පරාජය කළ යුතුයි.

Total Page Visits: 355 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0351507
Visit Today : 26
Visit Yesterday : 98
Total Hits : 835555
Who's Online : 2
Your IP Address: 54.80.249.22
Server Time: 22-01-20

ආයුබෝවන් !