20210702 - 500k Views
News Fast

News Fast

323888.4

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද(29) පළමු තරගය එංගලන්තයේ ඩර්හැම් හිදී පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ටයි.
කණ්ඩායම් දෙකේ එක්දින ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී කණ්ඩායම් දෙක එක්දින තරග 75කදී එකිනෙකා මුණ ගැසී තිබෙනවා.
ඉන් තරග 36ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන අතර එංගලන්තයද තරග 36ක් ජයග්‍රහණය කර තිබෙනවා. 
එක් තරගයක් කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ඇති අතර තරග 2ක් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.
අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායමක් මුණ ගැසී තිබෙන්නේ 2019 වසරේ ජුනි  මාසයේදී.
ඒ අවසන් වරට පැවැත්වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තේ එංගලන්තය ලකුණු 20කින් පරාජයට පත් කරමින්.
එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය එංගලන්තයට හිමි වූ අතර , එහිදී එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කළ එකම කණ්ඩායම ශ්‍රී ලංකාවයි.
එංගලන්තය මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රේණිගත කිරීම් වල 4වන ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9වන ස්ථානයයි.
හෙට තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාටම හිමිව ඇති අතර එංගලන්ත කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදී ඉයන් මෝගන්ට හිමිව තිබෙනවා.
ඊයේ(28) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කුසල් ජනිත් සඳහන් කර සිටියේ මෙම එක්දින තරගාවලියේ චරිත අසලංකට ඉඩක් හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
විනය විරෝධී හැසිරීම් රටාව හේතුවෙන් කුසල් මෙන්ඩිස් , නිරෝෂන් දික්වැල්ල , ධනුෂ්ක  ගුණතිලකට තරග තහනමක් පැනවීම හේතුවෙන් නවක ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට මෙම තරගාවලියේදී අවස්ථාව හිමි වනු ඇතී.
කණ්ඩායම් දෙකේ මෙම තරගාවලියට නම් කර ඇති ක්‍රීඩකයන් 
*ශ්‍රී ලංකා කණ්ඩායම –
Charith Asalanka , Oshada Fernando , Pathum Nissanka , Dasun Shanaka , Dhananjaya de Silva , Dhananjaya Lakshan , Ishan Jayaratne , Ramesh Mendis , Wanindu Hasaranga , Kusal Perera(C) (W) , Akila Dananjaya , Asitha Fernando , Binura FernandoChamika Karunaratne , Dushmantha Chameera , Isuru Udana , Lakshan Sandakan , Nuwan Pradeep , Praveen Jayawickrama , Shiran Fernando
*එංගලන්ත කණ්ඩායම –
Dawid Malan , Eoin Morgan(C) , Jason Roy , Joe Root , Liam Livingstone , Chris Woakes , David Willey , Liam Dawson , Moeen Ali , Sam Curran , Jonny Bairstow(W) , Sam Billings(W) , Adil Rashid , George Garton , Mark Wood , Tom Curran

Riverside ක්‍රීඩා පිටිය අවට කාලගුණ වාර්තා අනුව මෙම තරගයට බොහෝ විට වර්ෂාවෙන් බාධාවක් සිදු නොවන අතර , එම කලාපයේ සාමාන්‍ය උෂ්ණත්වය දැක්වෙන්නේ සෙල්සියස් අංශක 18 ක් වැනි අගයක්.
Riverside  ක්‍රීඩාංගනයේ අවසන් වරට ජාත්‍යන්තර තරගයක් පවත්වා තිබෙන්නේ වසර දෙකකට පෙරයි

Total Page Visits: 221 - Today Page Visits: 7

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281932
Hits Today : 1997
Total Hits : 584286
Your IP Address: 172.70.34.83
Archive
News Categorie

ආයුබෝවන් !