20210702 - 500k Views
News Fast

News Fast

download (1)

Facebook එහෙම නැත්නම් මුහුණු පොත කියන වචනෙ අපිට ගොඩක් සමීපයි. ඒ මොකද කියනවනම් මේ වෙනකොට Facebook පාවිච්චි කරන්නේ නැති කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි. ඒ නිසා තමයි ලෝකෙ අංක 01 සමාජ මාධ්‍ය වෙබ් අඩවි අතරට මුහුණු පොත එකතු වෙලා තියෙන්නේ. මේ වෙනකොට ලෝක ජනගහනයෙන් බිලියන 2.6 ම Facebook පාවිච්චි කරන අය. ඉතින් මේ කියන්න යන්නේ Facebook ගැන නොදන්නා කතා ටිකක්.

අපි හැමෝම දන්න දෙයක්නේ මාර්ක් සකර්බර්ග් තමයි Facebookහැදුවේ .ඒ වුණත් සකර්බර්ග් මුලින්ම හදන්නේ Facemash කියන වෙබ් අඩවිය. ඔහු හාවඩ් හි ඉන්න කොට තමයි ඔහුට මේ අදහස ඇතිවෙලා තියෙන්නේ. ඔහුගේ මුල්ම අදහස වෙලා තියෙන්නේ පරිශීලකයින් හැමෝගෙම මුහුණ සංසන්දනය කරන්න පුළුවන් වෙබ් අඩවිය සකසන එක.

නමුත් ඔහුගේ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප වෙනවා.ඊට පස්සේ ඔහු ඔහුගේ දෙවැනි අදහස විදියට ක්‍රියාත්මක කරන්නේ “The Facebook” කියන ශිෂ්‍ය නාමාවලිය සැකසීමේ වෙබ් අඩවියක් විදියට. පන්ති පවත්වන කොට එම ශිෂ්‍යයින් ඉන්නේ මොන පන්තියේ ද, කුමන වෙලාවක ද, එතකොට ඔවුන් සමග ඉන්න මොන මිතුරන් ද කියලා සොයා බලන්න තමයි “The Facebook” කියන වෙබ් අඩවිය හාවඩ් සිසුන් වෙනුවෙන් ආරම්භ කරන්නේ. Facebook හදපු මුල්ම කාලයේ මේ වගේ බොහොම සුන්දර තත්වයක් තිබිලා නැහැ. මේ අදහස කිහිපදෙනෙකුගෙන් සොරකම් කළා කියලා ඔහුට නඩු පවා පවරලා තිබුණා.

Google සහ YouTube වලින් පස්සේ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය වෙන්නේ Facebook.

ඔබ දන්නවද ගිය වසරේ පලවුණ වාර්ථා වලට අනුව ඇමරිකානුවන් ගෙන් 71% ම පාවිච්චි කරන්නේ Facebook. ඉතිරි 38% ක ප්‍රමාණය Instagram භාවිතා කරන අතර Twitter භාවිතා කරන්නන් සිටින්නේ 23% දෙනෙක් පමණයි.

ඒ වගේම තමයි තවත් පුදුම හිතෙන කාරණය කියන්නද? කාන්තාවන් පිරිමින්ට වඩා Facebook පාවිච්චි කරනවා. සමීක්ෂණයකින් හෙළි වෙන විදිහට කාන්තා ජනගහනයෙන් 75% ක්ම Facebook භාවිතා කරනවා.නමුත් පිරිමි අය ගෙන් අයගෙන් 63% පමණයි Facebook භාවිතා කරන්නේ.

අපි යන එන තැන්, කන බොන දේවල්, අපේ යාලුවෝ මේ හැම දෙයකම මතක ගබඩා කරලා තියන්න හොඳ තැනක් විදිහට තමයි අපි Facebook එක දකින්නේ. ඒ නිසා තමයි ඡායාරූප මිලියන 350ක් හැම දවසකම Facebook එක හරහා පළ වෙන්නේ. ඔබත් දිනපතාම Facebook එකට කුමක් හෝ පෝස්ට් එකක් අප්ලෝඩ් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ මිලියන 350 තුළ ඉන්න පුළුවන්.

Facebook භාවිතා කිරීම මුලින්ම තරුණ පිරිස වැඩි වශයෙන් සිදු කළත් මේ වෙනකොට වැඩිහිටියන් Facebook භාවිතා කරන ප්‍රමාණයත් සීඝ්‍රයෙන් වර්ධනය වෙලා තිබෙනවා.

කැනඩාව සහ එක්සත් ජනපදය තමයි අඩුම Facebook භාවිතා කරන්නන් සිටින රටවල් දෙක වෙන්නේ. ඒ වගේම Facebook පටන් ගත්ත මුල් කාලයත් එක්ක සලකන කොට ඉන්දුනීසියාව, ඉන්දියාව සහ පිලිපීනය කියන රටවල් වල සීඝ්‍රයෙන් Facebook භාවිතා කිරීම ඉහළ ගිහින් තිබෙනවා.දන්නවද Facebook භාවිතා කරන ප්‍රමාණයෙන් භාග්‍යයක්ම භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. ඒ වගේම තමයි 98% ම දුරකථනය හරහා තමයි Facebook පාවිච්චි කරන්නේ.

උදේ 8.00 ත් රෑ 10.00 ත් අතර තමයි ගොඩක් දෙනා Facebook එකට එන්නේ. ඒ වගේම සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙන විදිහට 88% Facebook එකවුන්ට් එකක් නිර්මාණය කරගෙන තිබෙන්නේ තමන්ගේ පවුලේ සාමාජිකයින් සහ යාළුවන්ව සම්බන්ද කර ගන්න.ඒ වුනත් බොහෝ දෙනෙක් ගොඩක් දේවල් විකුණගන්නත්, මිලදී ගන්නත් මේ Facebook මාධ්‍ය භාවිතා කරනවා.

සාමාන්‍යයෙන් Facebook භාවිතා කරන කෙනෙක් දවසින් මිනිත්තු පනස් අටක් අඩුම වශයෙන් Facebook එක පාවිච්චි කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ.ඔයා කැමතිද ඔයා Facebook එකේ කොච්චර කාලයක් ගත කළා ද කියල දැනගන්න? එහෙනම් ඔයාට කරන්න තියෙන්නෙ ප්‍රධාන මෙනුවට ගිහින් Settings වලට ගිහින්, ඒකෙ තියෙන Privacy කියන කොටසේ Facebook එකේ ගත කරපු කාලය හොයාගන්න.

Total Page Visits: 1270 - Today Page Visits: 14

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281925
Hits Today : 1926
Total Hits : 584215
Your IP Address: 172.70.35.84
Archive
News Categorie

ආයුබෝවන් !